වෙලාව හොඳට කළමනාකරණය නොකිරීම = අන්තිම මොහොතේ panic වීම

ඔයා Exam එකට පාඩම් කරන්න අන්තිම දවස වෙනකන් හිටියද?? සමහරවිට ඔයා හිතන්න ඇති "මට තාම වෙලාව තියෙනවා..." කියලා. ඒත් එකපාරටම විභාගෙ හෙට, ඔන්න දැන් ඔයා panic වෙනවා, අවුල් ගහනවා, මේ වෙලාවට හිතෙන්න පුලුවන් , අයියෝ මට time machine එකක් තිබ්බා නම් කියලා. 😅
අන්න ඒකට තමයි වෙලාව හරියට කළමනාකරණය කරගන්නේ නැතිකම (poor time management) කියන්නේ. ළමයි විභාග වලට අමාරුවෙන් මුහුණ දෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේක. ඇත්ත කියනවා නම්: ඔයා දවස පුරාම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඕන වෙන්නේ smart විදිහට පාඩම් කරන්න විතරයි.
🎮 සැබෑ කතාවක් (Real-Life Example)
මේ හිතමුකෝ ලසිත් කියලා කොල්ලෙක් ඉන්නවා. එයා ගේම් ගහන්නයි, යාළුවෝ එක්ක චැට් කරන්නයි හරිම ආසයි. එයා හැමදාම තමන්ටම කියනවා, "මම හෙට පාඩම් කරන්නම්" කියලා. ඔන්න හෙට හෙට කියලා කල් දාල එක පාට්ට Exam දවස හෙට වෙනවා. ඔන්න දැන් ලසිත් රෑ පුරාම පාඩම් කරන්න පටන් ගන්නවා, කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. කලබල වෙලා panic වෙලා අඩුම ගානේ කියවන්නේ මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ.
තව කෙනෙක් ඉන්නවා ඉෂාරි කියලා. එයා දවසට පැය 1ක් විතරයි පාඩම් කරන්නේ, ඒත් එක වරකට එක මාතෘකාවක් විතරයි. විභාගෙට සතියකට කලින් එයා හරිම සන්සුන් (calm) සහ සූදානම්. එයාට පාඩම් කරපු ඒවා Revise කරන්නත් ඉක්මනට නිදාගන්නත් වෙලාව තියෙනවා!
කවුද හිතන්නේ හොඳටම විභාගෙට ලකුණු ගන්න ඇත්තේ කියලා? (ඔව්, ඉෂාරි තමයි!)
🧠 මොළේ රහස (Brain Science)
අපේ මොළයට එක දිගට අවධානයෙන් ඉන්න පුළුවන් ටික වෙලාවක් විතරයි - සාමාන්‍යයෙන් විනාඩි 25-30ක් වගේ. ඊට පස්සේ ඒක මහන්සි වෙනවා. විභාගෙට කලින් රෑට එක දිගට පැය 5ක් පාඩම් කරන්න හදන එක හරියට training එකක් නැතුව මැරතන් එකක් දුවනවා වගේ වැඩක්.
ඒ වගේම, ඔයා stress වෙලා ඉන්නකොට, ඔයාගේ මොළේ cortisol කියන හෝමෝනය පිට කරනවා. මේක නිසා මතක තියාගන්නත්, පැහැදිලිව හිතන්නත් අමාරු වෙනවා. ඒකයි අන්තිම මොහොතේ පාඩම් කිරීමෙන් විභාගෙට ගියාම ඔක්කොම අමතක වෙන්නේ, නැත්නම් blank (හිස්) වෙන්නේ.
✅ හදාගමු: වෙලාව කළමනාකරණය කරගන්න ක්‍රම (Time Management Tricks)
අපි ඉගෙන ගමු smart විදිහට පාඩම් කරන්නේ කොහොමද කියලා, අමාරුවෙන් නෙවෙයි:
⏳ 1. "Pomodoro" ක්‍රමය පාවිච්චි කරන්න මේක හරිම සරලයි:
විනාඩි 25ක් පාඩම් කරන්න.
විනාඩි 5ක break එකක් ගන්න.
මේ වට 4කට පස්සේ, ටිකක් දිග break එකක් ගන්න (විනාඩි 15-30). මේකෙන් ඔයාගේ මොළයට විවේකයක් ලැබෙනවා, ඔයාටත් අවධානයෙන් ඉන්න පුළුවන්.
📅 2. සරල study schedule එකක් හදන්න ඔයාට fancy planner එකක් අවශ්‍ය නැහැ - පොඩි පොතක් හෝ whiteboard එකක් ඇති. උදාහරණයක් විදිහට:
සඳුදා: Maths
අඟහරුවාදා: Science
බදාදා: English
ලොකු මාතෘකා පොඩි කොටස් වලට කඩාගන්න. මේක හරියට pizza එකක එක කෑල්ලෙන් කනවා වගේ වැඩක්!
✔️ 3. To-Do List එකක් පාවිච්චි කරන්න හැම උදේම, ඔයාට කරන්න ඕන වැඩ 3ක් ලියාගන්න. මේවා කරන්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. උදාහරණයක්:
History වීඩියෝවක් (විනාඩි 10ක) බලන්න.
Maths ගණන් ගැටලු 5ක් හදන්න.
Vocabulary වචන ටිකක් review කරන්න. වැඩ ඉවර වුණාම tick කරන්න (√) - හරිම සතුටුයි!
📵 4. අවධානය බිඳින දේවල් නවත්වන්න ඔයාගේ phone එක airplane mode එකට දාන්න, නැත්නම් වෙන කාමරයක තියන්න. පවුලේ අයට හෝ යාළුවන්ට කියන්න ඔයා පොඩ්ඩකට "study mode" එකේ ඉන්නවා කියලා. ඔයා පාඩම් කර කර ඉන්නකොට TikTok යනවනම් මොළයට අවධානයෙන් ඉන්න බැහැ.
🎁 Bonus Tip: තමන්ටම තෑග්ගක් දෙන්න: හොඳට අවධානයෙන් පාඩම් කරලා ඉවර වුණාම, පොඩි තෑග්ගක් ඔයාටම දෙන්න.
ඔයා ආසම game එකක් play කරන්න.
snack එකක් කන්න.
ආසම සින්දුවකට dance කරන්න. මේකෙන් ඔයාගේ මොළයට කියන්නේ: "Listen, පාඩම් කිරීම = හොඳ feeling එකක්!" කියලා.
🌟 අන්තිමට පොඩි දෙයක්...
වෙලාව කියන්නේ Phone එකක් charge කරනවා වගේ. ඔයා phone එක charge කරන්නෙ නැතුව 1% වෙනකන්ම පාවිච්චි කරනවනම් අන්තිම මොහොතේ එක පාට්ට එක off වෙනවා. එතකොට ඔයා කර කර හිටපු වැඩේ මගින් නවත්තන්න වෙනවා, frustrated වෙනවා, calls ගන්න බැරි වෙනවා.
මුලින්ම පටන් ගන්න, පොඩි වෙලාවල් කොටස් වලට කඩාගෙන plan එකක් හදන්න. ඔයා perfect වෙන්න අවශ්‍ය නැහැ - consistent (ස්ථාවර) වෙන්න විතරයි ඕන. විභාගෙ වෙලාවටඔයා ඔයාටම thank කරයි.
ඉතින් ඊළඟට "මම පස්සේ පාඩම් කරන්නම්" කියලා කියනකොට, ඔයාගෙන්ම අහන්න:
මම අන්තිම මොහොතේ පාඩම් කරන්න ගිහින් ඔක්කොම අනාගන්නවද?.. නැත්නම් එකක් ඇතුව වැඩ කරනවද කියලා!!!